අවිධිමත් අර්ථ රහිත හා අසංවිධිත අංග සමූහයක් දත්ත ලෙස හඳුන්වයි.
දත්ත පිහිටන ආකාර
- ලිඛිත සටහන් (Text)
- සංඛ්‍යාංක
- අක්ෂර
- සංකේත
- විරාම ලකුණු
- විශේෂ සංකේත
- දෘෂ්‍ය (Visual)
- ශ්‍රව්‍ය (Audio)
දත්ත වර්ගීකරණය
ප්‍රමාණාත්මක දත්ත (Quantitative Data)
සංඛ්‍යාත්මක ලෙස ඉදිරිපත් කළ හැකි දත්ත ප්‍රමාණාත්මක දත්ත ලෙස හඳුන්වයි.
- අංක ගණිතමය ක්‍රියාවලීන්ට භාජනය කළ හැකිය.
- සංඛ්‍යාත්මකව අනුපිළිවෙලකට සැකසිය හැකිය.
- විද්‍යාත්මකව සැකසිය හැකිය.
ගුණාත්මක දත්ත (Qualitative Data)
ගුණාත්මකභාවය ඉදිරිපත් කිරීමට යොදාගන්නා, සංඛ්‍යාත්මකව ඉදිරිපත් කළ නොහැකි දත්තයන් ගුණාත්මක දත්තයන් ලෙස හඳුන්වයි.
දත්ත වල ස්වභාවය
- එක් රැස් කරගත හැකිය.
- මාධ්‍යයක ගබඩා කළ හැකිය.
- නැවත ලබා ගත හැකිය.
- සන්නිවේදනය කළ හැකිය.
- සැකසීම් වලට භාජනය කළ හැකිය.
- විනාශ කළ හැකිය.

0 comments:
Post a Comment